ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (01) තවදුරටත් ඉහළ අගයක් වාර්තා කර තිබේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව හමුවේ ආරක්ෂිත ආයෝජනයක් ලෙස රන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී ඇත
අද රත්‍රං අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,693.74 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව 0.97% ක වර්ධනයකි. රන් මිල මෙලෙස ඉහළ ගියද, ලෝක වෙළෙඳපොළේ රිදී මිලේ යම් පහත වැටීමක් දක්නට ලැබෙන අතර එය ඇමරිකානු ඩොලර් 74.62 ක් ලෙස සටහන් විය. රන් මිල ඉහළ යාම දේශීය ස්වර්ණාභරණ වෙළෙඳපොළට ද සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.














