ඉරාන නායකත්වය සමඟ පවතින සාකච්ඡා අසාර්ථක වුවහොත් එරට සියලුම බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. “කිසිදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, අපි ඔවුන්ගේ සෑම විදුලි උත්පාදනාගාරයකටම ඉතා ප්‍රබල ලෙස සහ එකවර ප්‍රහාර එල්ල කරනවා” යැයි ඔහු පවසා ඇත. ඉරානයේ තෙල් සම්පතට මෙතෙක් ප්‍රහාර එල්ල නොකළේ ඔවුන්ට යළි ගොඩනැඟීමට අවස්ථාවක් ලබා දීමට වුවද, ඉදිරියේදී එම තත්ත්වය වෙනස් විය හැකි බව ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.
මේ අතර ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය විසින් සටන් විරාමයක් ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය එම ප්‍රකාශය වහාම ප්‍රතික්ෂේප කර ඇති අතර, එය සම්පූර්ණයෙන්ම “අසත්‍ය සහ පදනම් විරහිත” ප්‍රකාශයක් බව අවධාරණය කර තිබේ. දෙපාර්ශවය අතර පවතින මෙම මත ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය තුළ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතින බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
ඉරානයේ විදුලි බල පද්ධතිය ඉලක්ක කර ප්‍රහාර එල්ල වුවහොත් එරට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වීමේ අවදානමක් පවතින අතර, එය කලාපීය මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකිය. ට්‍රම්ප් පාලනය සිය උපරිම හමුදා බලය භාවිතා කරමින් ඉරානය මෙල්ල කිරීමට උත්සාහ කරන මෙම මොහොතේ, ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන්නේ මෙම තර්ජනය සැබෑ ප්‍රහාරයක් දක්වා වර්ධනය වේද යන්න පිළිබඳවයි.














