• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලානු වැඩබලන ජනාධිපතිනියට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාවෙන් පියවර

2 April 2026
in පුවත්, විදෙස්
වෙනිසියුලානු වැඩබලන ජනාධිපතිනියට  පනවා තිබූ සම්බාධක ඉවත්  කිරීමට ඇමරිකාවෙන් පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු හමුදා වෙනිසියුලානු අගනුවරදී සිදු කළ වැටලීමකින් එවකට ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන මාස තුනක් ගතවීමටත් පෙර එරට අන්තර්වාර ජනාධිපතිනිය වන ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) වෙත පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබේ.
හිටපු උප ජනාධිපතිනියක සහ මදුරෝගේ සමීපතමයෙකු වූ රොඩ්‍රිගස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය සමඟ ජනපති ට්‍රම්ප් පරිපාලනය සමීපව කටයුතු කරමින් සිටී. එහි පියවරක් ලෙස විභව ආයෝජකයින් සමඟ ඇමරිකානු බලශක්ති සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරුන් කරකාස් වෙත යැවීමටත් වෙනිසියුලානු තෙල් අලෙවි කිරීමට ඇමරිකාව සමඟ ගිවිසුමකට එළඹීමටත් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය මාර්තු මාසයේදී වොෂින්ටනය නිල වශයෙන් රොඩ්‍රිගස් වෙනිසියුලාවේ නායිකාව ලෙස පිළිගත් අතර ඒ හරහා ඇමරිකාවේ පිහිටි වෙනිසියුලානු තානාපති කාර්යාල නැවත විවෘත කිරීමටත් විදේශයන්හි ඇති වෙනිසියුලානු සමාගම්වල පාලනය නැවත ලබා ගැනීමටත් ඇගේ රජයට අවස්ථාව හිමි විය. මෙම තීරණය සම්බන්ධයෙන් එක්ස් (X) පණිවුඩයක් නිකුත් කරමින් රොඩ්‍රිගස් කියා සිටියේ මෙය දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ සහ ශක්තිමත් කිරීමේ දිශාවට තැබූ පියවරක් බවයි. දැනට සිය රටට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට මෙම ප්‍රගතිය ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
රොඩ්‍රිගස්ගේ රජය ‘සිට්ගෝ පෙට්‍රෝලියම්’ (Citgo Petroleum) ඇතුළු වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගමේ (PDVSA) ඇමරිකානු අනුබද්ධිත ආයතනවල පාලන මණ්ඩල භාර ගැනීමට සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කිරීමෙන් අනතුරුව මෙම සම්බාධක ඉවත් කිරීමේ නිවේදනය නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මදුරෝ රජයේ ඉහළ නිලධාරීන් රැසකට තවමත් සම්බාධක පනවා ඇති අතර ඔවුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. රොඩ්‍රිගස්ට එරෙහිව මෙතෙක් ඇමරිකාව තුළ නීතිමය චෝදනා ගොනු කර නැතත් කරකාස් පාලනය සමඟ කටයුතු කිරීමේදී වාසියක් ලබා ගැනීම සඳහා ට්‍රම්ප් පරිපාලනය රහසිගතව ඇයට එරෙහිව නීතිමය කරුණු රැස් කරමින් සිටින බවද රොයිටර් වාර්තාවල දැක්වේ.
Post Views: 3
Previous Post

ඉරාන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Next Post

ඕස්ට්‍රේලියාවේ සූදු වෙළෙඳ දැන්වීම් පාලනයට නව නීති

Editor TTV News

Editor TTV News

Next Post
ඕස්ට්‍රේලියාවේ සූදු වෙළෙඳ දැන්වීම් පාලනයට නව නීති

ඕස්ට්‍රේලියාවේ සූදු වෙළෙඳ දැන්වීම් පාලනයට නව නීති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ  සිට ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල කප්පාදුවක්

2 April 2026
කියුබාවේ මාරාන්තික  වෙඩි හුවමාරුව ගැන සෙවීමට  ඇමෙරිකානු FBI කණ්ඩායමක්  හවානා වෙත පැමිණෙයි

කියුබාවේ මාරාන්තික වෙඩි හුවමාරුව ගැන සෙවීමට ඇමෙරිකානු FBI කණ්ඩායමක් හවානා වෙත පැමිණෙයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved