ලොව ප්‍රකට ජර්මානු ශ්‍රව්‍ය උපකරණ සන්නාමයක් වන සෙන්හයිසර් (Sennheiser) හි වෘත්තීය මට්ටමේ නිෂ්පාදන (Professional Products) සඳහා ශ්‍රී ලංකාවේ නිල බලයලත් බෙදාහරින්නා ලෙස ඇරෝ ටෙක්නොලොජීස් (Arrow Technologies) සමාගම පත් කර තිබේ.
මෙම නව සහයෝගීතාවය සනිටුහන් කරමින් ඇරෝ ටෙක්නොලොජීස් සමාගම විසින් මෙරට ශබ්ද පරිපාලකයන් (Sound engineers), සංගීතඥයන් සහ විකාශන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් විශේෂ තාක්ෂණික වැඩමුළුවක්ද පවත්වා ඇත. සිංගප්පූරුවේ ‘M-Global Pte Ltd’ සමාගම සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ සෙන්හයිසර් සමාගමේ ආසියානු කලාපීය තාක්ෂණික යෙදුම් ඉංජිනේරු කළමනාකරු කෙනන් ෆෑන්ග් (Kenan Phang) විසිනි. මෙහිදී විශේෂයෙන්ම වයර්ලස් මයික්‍රෆෝන සහ ඉන්-ඉයර් මොනිටර්ස් (In-ear monitors) වැනි නවීනතම පද්ධති පිළිබඳව වෘත්තිකයින්ට ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී.
ඇරෝ ටෙක්නොලොජීස් සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ධනුෂ්ක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ගෝලීය නවෝත්පාදනයන් මෙරට විනෝදාස්වාද සහ විකාශන ක්ෂේත්‍රය වෙත සමීප කරවීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. එසේම M-Global සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චන්දන් මහතානි (Chandan Mahtani) සමඟ ඇති කරගත් උපායමාර්ගික සබඳතාවය මෙම ජාත්‍යන්තර සන්නාමයන් මෙරටට ගෙන ඒමට විශාල ශක්තියක් වූ බවද හෙතෙම සඳහන් කළේය.














