• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙලාන් බැංකුවෙන් සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට විශේෂ දීමනා රැසක්

2 April 2026
in දේශීය, පුවත්
සෙලාන් බැංකුවෙන්  සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට  විශේෂ දීමනා රැසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා රැසක් හඳුන්වා දීමට එම බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ දිවයින පුරා පිහිටි වෙළෙඳ ආයතන 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳගනිමින් සුවිශේෂී වට්ටම්, නම්‍යශීලී ගෙවීම් ක්‍රම සහ සුවිශේෂී අත්දැකීම් රැසක් පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට නියමිතය.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඇඟලුම්, පාවහන්, සුපිරි වෙළෙඳසැල්, අවන්හල් සහ අන්තර්ජාල සාප්පු සවාරි ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි වට්ටම් හිමිවේ. ඒ අනුව Softlogic Brands, Cool Planet, Fashion Bug, NOLIMIT, Crocodile, CIB, DSI වැනි මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම රැසකින් සාප්පු සවාරි යාමේදී පාරිභෝගිකයන්ට විශේෂ මිල අඩු කිරීම් භුක්ති විඳිය හැක. එසේම කීල්ස්, ග්ලෝමාර්ක්, ස්පාර් සහ කාගිල්ස් ෆුඩ් සිටි වැනි සුපිරි වෙළෙඳසැල් ජාලයන්ගෙන් අලුත් අවුරුදු කළමනා මිලදී ගැනීමේදීද ආකර්ෂණීය වට්ටම් හිමිවේ.
උත්සව සමයේ පාරිභෝගිකයන්ගේ මූල්‍ය කළමනාකරණය පහසු කිරීම සඳහා 2026 මාර්තු 14 සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ රුපියල් ලක්ෂයක සිට රුපියල් මිලියන 3 දක්වා සිදු කරන ඕනෑම ගනුදෙනුවක් කිසිදු අමතර සැකසුම් ගාස්තුවකින් තොරව මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම (0% Easy Payment Plans) යටතේ ගෙවීමටද අවස්ථාව සලසා දී ඇත.
මීට අමතරව ‘Cinnamon Nature Trails’ සමඟ එක්ව සෙලාන් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී සංචාරක අත්දැකීම්ද හඳුන්වා දී තිබේ. ඒ යටතේ කෙන්යාවේ මසායි මාරා (Masai Mara) හි දින 7ක වනජීවී සෆාරි අත්දැකීමක් සහ මෙරට මින්නේරිය හෝ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල අලි ගමන නැරඹීම සහ ත්‍රිකුණාමලයේ පරෙවි දූපත ආශ්‍රිතව සිදුකෙරෙන මුහුදු සෆාරි ඇතුළත් දින 3ක විශේෂ සංචාරක පැකේජයන්ද පිරිනමනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ කාඩ්පත් අංශ ප්‍රධානී රුචිත් ලියනගේ මහතා ප්‍රකාශ කළේ අලුත් අවුරුද්ද යනු පවුලේ සැමට එකතු වී සතුටු වන කාලයක් බැවින් සිය පුළුල් වෙළෙඳ ජාලය හරහා පාරිභෝගිකයන්ගේ උත්සව සිරිය තවදුරටත් අර්ථවත් කිරීමට මෙලෙස කටයුතු යොදා ඇති බවයි.
Post Views: 0
Previous Post

ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

Next Post

අපනයන ක්ෂේත්‍රයේ ඉන්ධන ගැටලු විසඳීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අතර විශේෂ සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තරයෙන් කොන්වූ රටක සිට  ඉරාන යුද්ධයේ මැදිහත්කරු දක්වා  පාකිස්තානයේ සුවිශේෂී පරිවර්තනය

ජාත්‍යන්තරයෙන් කොන්වූ රටක සිට ඉරාන යුද්ධයේ මැදිහත්කරු දක්වා පාකිස්තානයේ සුවිශේෂී පරිවර්තනය

2 April 2026
ඩුබායි සෆාරි උද්‍යානයේදී වඳවීමේ තර්ජනයට ලක්වූ දෙවන සුදු Rhino පැටවාගේ උපත සමරයි

ඩුබායි සෆාරි උද්‍යානයේදී වඳවීමේ තර්ජනයට ලක්වූ දෙවන සුදු Rhino පැටවාගේ උපත සමරයි

2 April 2026
සාහිබ්සාදා ෆර්හාන්ගෙන් සුපිරි සතකයක් විරාට් කෝලිගේ වාර්තාව සම කරයි

සාහිබ්සාදා ෆර්හාන්ගෙන් සුපිරි සතකයක් විරාට් කෝලිගේ වාර්තාව සම කරයි

2 April 2026
මැදපෙරදිග නොසන්සුන්තාවය හමුවේ  සෞදි අරාබි සහ බහරේන් Grand Prix තරග  අවලංගු කෙරේ

මැදපෙරදිග නොසන්සුන්තාවය හමුවේ සෞදි අරාබි සහ බහරේන් Grand Prix තරග අවලංගු කෙරේ

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි සෆාරි උද්‍යානයේදී වඳවීමේ තර්ජනයට ලක්වූ දෙවන සුදු Rhino පැටවාගේ උපත සමරයි

ඩුබායි සෆාරි උද්‍යානයේදී වඳවීමේ තර්ජනයට ලක්වූ දෙවන සුදු Rhino පැටවාගේ උපත සමරයි

2 April 2026
සාහිබ්සාදා ෆර්හාන්ගෙන් සුපිරි සතකයක් විරාට් කෝලිගේ වාර්තාව සම කරයි

සාහිබ්සාදා ෆර්හාන්ගෙන් සුපිරි සතකයක් විරාට් කෝලිගේ වාර්තාව සම කරයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved