ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ, දින හතරක් පුරා ඉහළ යමින් පැවති රන් මිල අද (02) 1% කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ ගොස් තිබේ. යුද්ධය තවත් සති කිහිපයක් පවතින බවටත්, ඉරානයට “අතිශය දරුණු ලෙස” ප්‍රහාර එල්ල කරන බවටත් ජනාධිපතිවරයා කළ අනතුරු ඇඟවීම ආයෝජකයින්ගේ අවධානය වෙනත් මඟකට යොමු කිරීමට හේතු වී ඇත. මේ අනුව රන් අවුන්සයක මිල ඩොලර් 4,694.48 දක්වා 1.3% කින් පහළ බැස තිබේ.
පසුගිය මාර්තු මාසය තුළ රන් මිල 11% කින් පමණ පහළ වැටුණු අතර, එය 2008 වසරෙන් පසු වාර්තා වූ දරුණුතම මාසික මිල පහත වැටීම ලෙස සැලකේ. ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ඇමරිකානු ඩොලරයේ අගය සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ඉහළ යාම රන් මිල පහළ යාමට සෘජුවම බලපා ඇත. ආයෝජකයින් පවසන්නේ යුද්ධය අවසන් වන ආකාරය පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති වීම නිසා වෙළඳපොළ තුළ මෙවැනි උච්චාවචනයන් සිදු වන බවයි.
රන් මිල පහළ යන අතරතුර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 4% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇත. ඉරාන යුද්ධය හේතුවෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, ඇමරිකානු මධ්‍යම බැංකුව (Fed) සිය පොලී අනුපාත පහත හෙළීමට ඇති ඉඩකඩ සීමිත බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රන් මිලට අමතරව රිදී, ප්ලැටිනම් සහ පැලේඩියම් වැනි අනෙකුත් වටිනා ලෝහවල මිල ද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.














