මට්ටක්කුලිය ගැමුණුපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නව දෙනෙකු මට්ටක්කුලිය පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ පසුගිය මාර්තු 31 වනදා රාත්‍රියේ මෙම බිහිසුණු ඝාතනය සිදුව ඇති අතර පොලීසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම පිරිස කොටු කර ගැනීමට හැකි වී ඇත අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 40ත් අතර පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය තහවුරු කර ඇත
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුවන්නට ඇති බවට සැක කෙරේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මට්ටක්කුලිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට දැඩි අවධානයෙන් පසුවන බව ද වාර්තා වේ
















