පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිටල් ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන 8ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබේ මෙම ආයතන විකිණීමට එරෙහිව වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (02) සලකා බැලූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය මෙම කරුණු අනාවරණය කළාය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පසුගිය අමාත්‍ය මණ්ඩලය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි
රජයේ නීතිඥවරිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ආයතන විකිණීම වෙනුවට ඒවා ප්‍රතිසංවිධානය කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි රජය සිය ස්ථාවරය පැහැදිලි කිරීමත් සමඟ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට පෙන්වා දුන්නේය ඒ අනුව කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළේය මෙම තීරණය රජයේ වත්කම් සුරැකීමක් ලෙස බොහෝ පාර්ශවයන්ගේ ඇගයීමට ලක්ව තිබේ














