ඛනිජතෙල් බෙදුම්කරුවන්ට ලබාදෙන වට්ටම් මුදල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඉරාන-අමෙරිකානු යුද්ධය (Operation Epic Fury) හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හමුවේ තමන් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව බෙදුම්කරුවන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම පකිස්ථානය වැනි රටවල් සිය ඉන්ධන මිල රුපියල් 80කින් අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක, මෙරට බෙදුම්කරුවන්ට හිමිවන වට්ටම් ප්‍රතිශතය ඉහළ දැමීම අත්‍යවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි.
ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ තමන් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට අනිද්දා (අප්‍රේල් 06) වන විට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි. ඒ අනුව ඛනිජතෙල් නීතිගත සංස්ථාව, අදාළ අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවල නිරත වීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වර්තමානයේ පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙරට ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් මෙම සහනය කඩිනමින් ලබා දිය යුතු බව සංගමය රජයෙන් ඉල්ලා සිටී.














