ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය සිය ලන්ඩන් සංචාරය අතරතුර එංගලන්තයේදී ශ්‍රී ලාංකික ආහාර වේලක රස බලා ඇති බව වාර්තා වේ. ලන්ඩනයේ මේරිලිබෝන් (Marylebone) ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ‘හොපර්ස්’ (Hoppers) අවන්හල වෙත ගිය ඇය, එහි පවතින මනරම් පරිසරය සහ ශ්‍රී ලාංකික ආහාරවල ඇති සුවිශේෂී රසය පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ.
විදේශගතව සිටියදී පවා ශ්‍රී ලංකාවට ආවේණික රසයන් සොයා යාම පිළිබඳව ඇය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා තොරතුරු හෙළි කර ඇති අතර, මෙම සටහන මේ වන විට දස දහසකට අධික පිරිසකගේ අවධානයට ලක්ව ඇත. ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය ජාත්‍යන්තරය තුළ ප්‍රචලිත වීම සම්බන්ධයෙන් ඇය දක්වන මෙම උනන්දුව බොහෝ දෙනාගේ පැසසුමට හේතු වී තිබේ.
මුලාශ්‍රය – @juliechungfso (X)













