ඉරාන පාර්ශවයට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ඉරාක ඉරාන දේශසීමාවේ පිහිටි ෂලම්චේ පිවිසුම මඟී ගමනාගමනය සඳහා සෙනසුරාදා (04) දින යළි විවෘත කළ බව ඉරාක ආරක්ෂක අංශ තහවුරු කරයි මෙම ප්‍රහාරයෙන් ඉරාක ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ ඉරානයේ සිට ඉරාකය වෙත එළවළු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධානතම මාර්ගය මෙය වන බැවින් මෙහි සිදුවන ඕනෑම බාධාවක් දේශීය වෙළඳපොළට දැඩි ලෙස බලපාන බව වෙළඳ ප්‍රජාව පෙන්වා දෙති
මෙම ප්‍රහාරය ඉරාන දේශසීමාවේ පිහිටි මඟී පිළිගැනීමේ මධ්‍යස්ථානයකට එල්ල වී ඇති අතර ඉන් තුවාල ලැබූවන්ගෙන් බහුතරයකගේ තත්ත්වය අතිශය බරපතල බව වෛද්‍ය වාර්තා සඳහන් කරයි මේ අතර කුසෙයිට් දේශසීමාවට ආසන්න සෆ්වාන් (Safwan) පිවිසුම ද පුපුරා යාම් කිහිපයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට ඉරාක බලධාරීන් පියවර ගෙන තිබුණි එම පිපිරීම් සිදුවීමට මොහොතකට පෙර ප්‍රදේශයට ඉහළින් ඩ්‍රෝන යානා පියාසර කරනු දක්නට ලැබුණු බව ද වාර්තා වේ
ගල්ෆ් කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ දේශසීමා ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට දෙරටම පියවර ගෙන ඇති අතර සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් මෙලෙස ප්‍රහාර එල්ල වීම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව ඇත අත්‍යවශ්‍ය ආහාර සැපයුම් ජාලය බිඳ වැටීම වැළැක්වීම සඳහා දේශසීමා පිවිසුම් අඛණ්ඩව විවෘතව තැබීමට ඉරාක රජය උත්සාහ කරමින් සිටියි පවතින බිහිසුණු වාතාවරණය හමුවේ දේශසීමා ආශ්‍රිතව පදිංචි ජනතාව දැඩි බියකින් පසුවන අතර ඉදිරි දිනවලදී ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ














