දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේදීත් දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල ක්‍රියාත්මක වන බව එම සංගමය පවසනවා.
කෙසේ වෙතත්, රෝගී ජනතාව පත්වන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළා. අද දිනයේදී රැස්වීමට නියමිත එම සංගමයේ විධායක සභාවේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.














