අඩු ආදායම්ලාභී සහ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් පෑලියගොඩ රෝහණ විහාර පෙදෙසේ ඉදිකෙරෙන නව මහල් නිවාස සංකීර්ණයේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඊයේ (අප්‍රේල් 04) එහි විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වුණා.
පර්යන්ත දෙකකින් සහ මහල් 16කින් සමන්විත වන පරිදි සැලසුම් කර ඇති මෙම නිවාස සංකීර්ණයේ වර්ග අඩි 530ක වපසරියකින් යුතු නිවාස ඒකක 615ක් නිර්මාණය කිරීමට නියමිතයි. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5620ක මුදලක් වැය කෙරෙන අතර 2024 වසරේ දෙසැම්බර් මස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2027 වසරේ දෙසැම්බර් මාසයට පෙර අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා දේශීය මෙන්ම චීන ඉදිකිරීම් සේවකයින්ගේ සහයද හිමි වන බවයි වාර්තා වන්නේ.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ සාම්ප්‍රදායික ‘බිත්ති 06 ක’ පටු ආකෘතියෙන් බැහැරව, සැබෑ නිවසක හැඟීමක් ලැබෙන පරිදි උසස් ප්‍රමිතියෙන් යුතුව මෙහි ඉදිකිරීම් සිදු කළ යුතු බවයි. එමෙන්ම ජනතාවට වඩාත් හිතකර සහ පදිංචියට යෝග්‍ය නව අංගද එක් කරමින් මෙය තිරසර ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට ගෙන යන ලෙස ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.














