කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 970ක් සමඟ වවුනියාව පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ (අප්‍රේල් 04) අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසනවා.
වවුනියාව පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔවුන්ව ඊරට්ටපෙරියකුලම පොලීසිය වෙත භාර දී තිබෙනවා. අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ සැකකරුවන් දෙදෙනා ඉදිරියේදී වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.














