රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර ඇති වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (අප්‍රේල් 06) උදෑසන 8.00 වන තුරු කාලය ලබා දෙන බව එම සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා දක්වන මැලිකම හේතුවෙන් වර්ජනය දිග්ගැස්සෙන බව පවසන සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා, අමාත්‍යවරයා සාකච්ඡා මේසයට පැමිණෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වීම පිළිබඳව සලකා බැලීමට සූදානම් බව සඳහන් කළා. එසේම අමාත්‍යවරයා තීරණ ගැනීම ප්‍රමාද කිරීමේ අගතිය රෝගී ජනතාවට විඳීමට සිදුවන බවත්, මේ පිළිබඳව ජනාධිපතිවරයාවද දැනුවත් කර ඇති බවත් ඔහු පවසා සිටිනවා. ඒ අනුව හෙට උදෑසන 8.00 වන විට අමාත්‍යවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරය මත වර්ජනය අවසන් කරන්නේද නැද්ද යන්න පිළිබඳව විධායක සභාව රැස්වී තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.














