හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහාම විවෘත නොකළහොත් ඉරානයේ යටිතල පහසුකම්වලට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ඉරානය උපහාසාත්මක ප්‍රතිචාර දක්වා තිබේ. ඉරානය පවසන්නේ මෙම තීරණාත්මක මුහුදු මාර්ගය විවෘත කිරීමට ඇති “යතුර තමන්ට අස්ථානගත වී ඇති” බවයි.
සිම්බාබ්වේ රාජ්‍යයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ “තමන්ට යතුර නැති වූ” බවයි. එමෙන්ම දකුණු අප්‍රිකාවේ ඉරාන දූත මණ්ඩලය ද ට්‍රම්ප්ගේ අවසාන නිවේදනයට උපහාසයෙන් පිළිතුරු දෙමින්, “යතුර මල් පෝච්චිය යට තබා ඇති බවත්, එය මිතුරන් සඳහා පමණක් විවෘත කරන” බවත් පවසා තිබේ.
අමෙරිකාව සහ ඉශ්‍රායලය සමඟ පවතින ගැටුම් හේතුවෙන් ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය වසා දැමීම නිසා මේ වන විට ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇත. ලබන අඟහරුවාදා රාත්‍රී 8:00 වන විට මෙය විවෘත නොකළහොත් ඉරානයට “අපායක්” මවන බවට ට්‍රම්ප් අනතුරු ඇඟවූ පසුබිමක ඉරානය මෙලෙස ප්‍රතිචාර දැක්වීම කලාපීය ආතතිය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වී තිබේ.














