ඉන්දියාවේ ෆරීදාබාද් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි නිඛිල් නමැති තරුණයෙකු සිය පෙම්වතිය සමඟ WhatsApp වීඩියෝ ඇමතුමක සිටියදීම ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇති බව එරට පොලිසිය පවසයි. ඊයේ (05) පස්වරු 5:00ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, මෙම තරුණයා සිය පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඇය ඊට අකමැත්ත පළ කර ඇත. එම අවස්ථාවේදී ඇති වූ කතාබහ දුරදිග ගොස්, ඔහු ඇමතුමේ සිටියදීම මෙම අන්තගාමී පියවර ගෙන ඇති අතර ඔහුගේ පෙම්වතිය මෙම සිදුවීම සජීවීව දැක තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ෆරීදාබාද් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, තරුණයාගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ අදාළ තරුණියගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.














