පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම කළමනාකරණය කිරීම සඳහා අද (06) රාත්‍රී 8:00 සිට හෙට (07) පෙරවරු 8:00 දක්වා පැය 12ක කාලයක් පැලැන්වත්ත සහ ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ජල පරිභෝජනය ඉහළ යාම නිසා මෙම පියවර ගැනීමට සිදු වූ බවයි. ඒ අනුව අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බැවින් අවශ්‍ය ජලය කල්තියා රැස් කර තබා ගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.














