එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා රථවාහන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මාර්ග නීති උල්ලංඝනය කරන්නන් හඳුනා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.
විශේෂයෙන්ම උත්සව සමයේ සාප්පු සවාරි යන පිරිස් වැඩිවීම හේතුවෙන් ඇඳුම් පැළඳුම් වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් අවට පවතින රථවාහන තදබදය අවම කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව, තම පාරිභෝගිකයන් සඳහා ප්‍රමාණවත් රථගාල් පහසුකම් සැලසීමට හෝ විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීමට වෙළඳසැල් හිමියන්ට උපදෙස් දී ඇත
මාර්ග දෙපස අවධිමත් ලෙස රථවාහන ගාල් කිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, නීතිය උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බව ද පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළේය.













