දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අලි වැටවල් බිඳ වැටීම නිසා අලි මිනිස් ගැටුම උග්‍ර අතට පත්ව ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. වන අලි ගම්වැදීම පාලනය කිරීම සඳහා වනාන්තර ආශ්‍රිතව සුපෝෂණ කලාප ඉදිකිරීමට රජය මේ වන විට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ඊයේ (05) එප්පාවල ප්‍රදේශයේ ස්ථාන තුනකදී සිදුවූ වන අලි පහරදීම්වලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 36, 48 සහ 51 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු බවයි. පවතින කාලගුණික තත්ත්වයත් සමඟ වන අලි ගම්වැදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බැවින් ප්‍රදේශවාසීන්ට අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් උපදෙස් දෙයි.














