කෘතිම බුද්ධිය (AI), ඩ්‍රෝන තාක්ෂණය, රොබෝ විද්‍යාව, ක්වොන්ටම් තාක්ෂණය සහ සයිබර් ආරක්ෂණය යන ක්ෂේත්‍රයන්හි යුරෝපා සංගමයේ ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීම සඳහා “AGILE” (Programme for Agile and Rapid Defence Innovation) නමින් නව වැඩසටහනක් හඳුන්වා දී ඇත. බාහිර පාර්ශ්වයන් මත රඳා පැවතීම අවම කිරීම මෙහි මූලික අරමුණයි.
2024 වසරේදී යුරෝපා සංගමයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන (R&D) පිරිවැය යුරෝ බිලියන 13ක් වූ අතර, 2025 වසරේදී එය තවත් යුරෝ බිලියන 4කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, ආරක්ෂක නවෝත්පාදන අතින් අමෙරිකාව (යුරෝ බිලියන 138) සහ චීනය (යුරෝ බිලියන 38) තවමත් යුරෝපයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටී.
AGILE වැඩසටහන යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සහ නව ව්‍යවසායකයින් (Startups) සම්බන්ධ කරගනිමින් ව්‍යාපෘති 20-30ක් සඳහා මූල්‍ය ආධාර සැපයීමට නියමිතය. ඒ අනුව එක් ව්‍යාපෘතියක් සඳහා එහි ස්වභාවය අනුව යුරෝ මිලියන 1 සිට 5 දක්වා ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇත.














