ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක් වන එන්.ඩී.බී. (NDB) බැංකුවේ සේවකයින් පිරිසක් සම්බන්ධ වූ රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුව ඇති බව එම බැංකුව නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙම වංචාව පිළිබඳව සිදුකළ අභ්‍යන්තර විමර්ශනවලින් අනතුරුව බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත මේ බව දැනුම් දී ඇති අතර, සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සේවකයින්ගේ වැඩ තහනම් කර ඔවුන්ගේ පද්ධති ප්‍රවේශයන් අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
මෙම වංචාව හේතුවෙන් බැංකුවේ කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත කොටස් හිමියන් වෙත ගෙවීමට නියමිතව තිබූ මුදල් ලාභාංශ ගෙවීම ද නතර කර තිබේ. බැංකුවේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත්, ගනුදෙනුකරුවන්ගේ තැන්පතු හෝ ගිණුම් ශේෂයන්ට මෙයින් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් බැංකු පාලනාධිකාරිය අවධාරණය කරයි. අදාළ අරමුදල් යළි අයකර ගැනීම සඳහා නීතිමය පියවර ගනිමින් පවතින බව ද වාර්තා වේ.
මුලාශ්‍රය – EconomyNext














