බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත සුප්‍රසිද්ධ ‘Wireless Festival’ සංගීත උළෙලේ ප්‍රධාන ශිල්පියා ලෙස අමෙරිකානු රැප් ගායක කන්යේ වෙස්ට් (Ye) සහභාගී වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් මහතා සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ යුදෙව් විරෝධී මතවාද හේතුවෙන් මෙම විරෝධය මතුව ඇති අතර, උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයින් රැසක් ද මේ වන විට ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට දශකයකට පමණ පෙර බ්‍රිතාන්‍යයේ ප්‍රසංග පවත්වා ඇති කන්යේ වෙස්ට්, මෙවර සිය ‘Bully’ නැමැති 12 වැනි ඇල්බමය එළිදැක්වීමෙන් පසුව ලන්ඩනයේ ෆින්ස්බරි පාර්ක් (Finsbury Park) හිදී රාත්‍රී තුනක් පුරා ප්‍රසංග පැවැත්වීමට නියමිතව තිබුණි. සංවිධායකයින් මෙය සුවිශේෂී සංගීත චාරිකාවක් ලෙස හැඳින්වුවද, ඔහුගේ පැමිණීම බ්‍රිතාන්‍ය සමාජය තුළ දැඩි බෙදීමක් ඇති කිරීමට හේතු වී තිබේ.
අගමැතිවරයාගේ ප්‍රකාශයත් සමඟ මෙම ප්‍රසංග මාලාවේ ඉදිරි පැවැත්ම පිළිබඳව අවිනිශ්චිතතාවක් මතු වී ඇති අතර, අනුග්‍රාහක ආයතන ඉවත් වීම සංවිධායක මණ්ඩලයට දැඩි මූල්‍ය බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.














