සීදූව නගරයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සීදූව පොලිසිය විසින් ඊයේ (05) රාත්‍රියේ වටලා තිබේ. මෙම වැටලීමේදී එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් කළමනාකරු බටපොල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකු වන අතර, සැකකාර කාන්තාවන් අවුරුදු 22ත් 39ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. ඔවුන් කඳාන, ගම්පහ, ගිනිගත්හේන, මාතලේ, කුරුණෑගල, බදුල්ල සහ නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














