කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (06) දිනය අවසානයේ ඒකක 9.18 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ 21,126.60ක් ලෙසයි. මෙය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.04ක වර්ධනයකි.
අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3ක් ලෙස සටහන් විය. ආයෝජකයින්ගේ සක්‍රීය දායකත්වය මධ්‍යයේ කොටස් වෙළෙඳපොළ මෙලෙස ස්ථාවර මට්ටමක පවතින බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














