ඉදිරි උත්සව සමයේදී පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව ලාෆ්ස් (Laugfs) ගෑස් ලබාදීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කරයි. ඒ අනුව මෙට්‍රික් ටොන් 7,000ක ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකාවක් මේ වන විට දිවයිනට ළඟා වී ඇති බව එම සමාගම සඳහන් කරයි.
මෙම නව තොග ලැබීමත් සමඟ උත්සව සමය පුරාම වෙළෙඳපොළ වෙත නොකඩවා ගෑස් සැපයීමට හැකියාව පවතින බව ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි. මේ හරහා උත්සව සමයේ ගෑස් හිඟයක් ඇති වනු ඇතැයි පාරිභෝගිකයන් තුළ පැවති සැකය දුරුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.













