තායිලන්ත හමුදා පාලනයට නතු වූ කාම්බෝජයේ රෝයල් හිල් (Royal Hill) කැසිනෝ සංකීර්ණය තුළ ඕස්ට්‍රේලියාව චීනය බ්‍රසීලය සහ වියට්නාමය වැනි රටවල පොලිස් ස්ථාන සහ බැංකුවලට සමාන ව්‍යාජ කාමර (Replicas) පවත්වාගෙන යමින් සිදුකළ දැවැන්ත අන්තර්ජාල මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ තායි ගුවන් හමුදාව පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම ස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ විවිධ රටවල තරුණ තරුණියන් දහස් ගණනක් දැඩි වධහිංසා මධ්‍යයේ රඳවා තබාගෙන ලොව පුරා සිටින පුද්ගලයන්ගේ මුදල් සොරකම් කිරීමට මෙම මධ්‍යස්ථානය භාවිතා කර ඇති බවයි
මෙහි සේවය කළ තරුණයන් පවසන්නේ දිනකට පැය 16 ක් පමණ වැඩ කිරීමට තමන්ට බල කර ඇති අතර නියමිත ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන අයට වේවැල් පහර දීම විදුලි සැර වැද්දීම සහ අඳුරු කාමරවල සිර කර තැබීම වැනි දරුණු දඬුවම් ලබා දී ඇති බවයි කෘතිම බුද්ධිය (AI) භාවිතා කරමින් තමන්ගේ කටහඬ සහ පෙනුම වෙනස් කර ධනවත් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් ඇමෙරිකානු ජාතිකයන් රවටා මුදල් ලබාගැනීමට ඔවුන්ට බල කර තිබේ මෙම කැසිනෝවේ හිමිකරු වන ලිම් හෙන් (Lim Heng) නමැති ප්‍රකෝටිපතියා කාම්බෝජයේ ප්‍රබල දේශපාලන සබඳතා පවත්වන පුද්ගලයෙකු බව ද වාර්තා වේ
ජාත්‍යන්තර බලපෑම් හමුවේ කාම්බෝජ රජය මේ වන විට මෙම මූල්‍ය වංචා කර්මාන්තය මුළුමනින්ම නතර කිරීමට පියවර ගෙන ඇති අතර ඒ යටතේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වූ චෙන් චී (Chen Zhi) අත්අඩංගුවට ගෙන චීනයට පිටුවහල් කර තිබේ අප්‍රේල් මස අවසානය වන විට මෙම සියලු වංචා මධ්‍යස්ථාන වසා දමන බවට අග්‍රාමාත්‍ය හුන් මානෙට් ප්‍රතිඥා දී ඇතත් බොහෝ වංචාකරුවන් වෙනත් රහසිගත ස්ථාන කරා සිය මෙහෙයුම් මාරු කර ඇති බවට ද සැක පළ කෙරේ විදේශීය සේවකයන් 10,000 කට අධික පිරිසක් මේ වන විට සිය රටවල් බලා යවා ඇති අතර තවත් පිරිසක් තවමත් සහන කඳවුරුවල රැඳී සිටිති
















