සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ පිහිටි ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් අද (07) අලුයම එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල හතක් සාර්ථකව මැඩපැවැත්වීමට සිය ආරක්ෂක අංශ සමත් වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි විනාශ කරන ලද එම මිසයිලවල සුන්බුන් බලශක්ති පද්ධති ආශ්‍රිත ප්‍රදේශවලට පතිත වී ඇති අතර ඉන් සිදුවූ හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කර ඇති යුද්ධයත් සමඟ සෞදි අරාබිය වෙත මෙලෙස මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීම දැඩි ලෙස ඉහළ ගොස් ඇත
මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න පිළිබඳව සෞදි රජය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ඇමෙරිකානු හමුදා කඳවුරු පවතින ගල්ෆ් කලාපයේ රටවල් වෙත ඉරානය විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අද දිනයේ ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට තර්ජනය කර ඇති පසුබිමක මෙවැනි ප්‍රහාර වාර්තා වීම කලාපීය ආරක්ෂාව තවදුරටත් අවදානමකට ලක් කිරීමට හේතු වී තිබේ
ලෝක බලශක්ති සැපයුමට අත්‍යවශ්‍ය කලාපයක් වන සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වන මෙම ප්‍රහාර හමුවේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසන්නේ ඉරානයට එරෙහි ප්‍රධාන ප්‍රහාර ඉදිරි පැය කිහිපය තුළ දියත් වීමට නියමිත බවයි සෞදි අරාබිය සිය ගුවන් ආරක්ෂක පද්ධති උපරිම සූදානමකින් තබා ඇති අතර ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බව ද සඳහන් කරයි














