හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පනවා ඇති අවසන් කාලසීමාව (Deadline) අද දිනට යෙදී තිබීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඇමෙරිකානු ඩොලරයේ අගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා බලශක්ති මිල ඉහළ යාම හමුවේ ආයෝජකයන් ආරක්ෂිත ආයෝජනයක් ලෙස ඩොලරය වෙත යොමු වීම මීට ප්‍රධාන හේතුවයි විශේෂයෙන්ම ආසියානු වෙළඳපොළ තුළ ඩොලරයේ ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර එය සිය මෑත කාලීන ඉහළම අගයන් කරා ළඟා වෙමින් පවතී
ඉරානය මෙම කාලසීමාව තුළ එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් එරට යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකාව අනතුරු අඟවා ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ දැඩි නොසන්සුන්කාරී බවක් හටගෙන තිබේ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානම හමුවේ අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙමින් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි ඉදිරි පැය කිහිපය තුළ ඇමෙරිකාව ගන්නා තීරණ මත ඩොලරයේ සහ අනෙකුත් මුදල් ඒකකවල අගය තීරණය වනු ඇත
ඇමෙරිකානු ඩොලරය මෙලෙස ශක්තිමත් වීම ශ්‍රී ලංකාව වැනි ආනයන මත පදනම් වූ රටවල ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කළ හැකි අතර එමඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ පවතින භූ දේශපාලනික අස්ථාවරත්වය හමුවේ ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වීම මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරන බවයි ආයෝජකයන් මේ වන විට ඉතා අවධානයෙන් යුතුව වොෂින්ටනයෙන් ලැබෙන පුවත් දෙස බලා සිටිති














