ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 424ක වියදමින් නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද (08) පෙරවරු 10.00ට නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. උත්සව සමයේ මගී ජනතාවට වඩාත් පහසු සහ විධිමත් සේවාවක් සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි.
පර්යන්ත දෙකකින් සමන්විත මෙම නවීන බස් නැවතුම්පොළේ බිම් මහල බස් රථ නැවැත්වීම සඳහාත්, දෙවන මහල රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විවේකාගාර සඳහාත් වෙන් කර ඇත. තෙවන මහල පරිපාලන සහ මෙහෙයුම් කටයුතු සඳහා නවීන පහසුකම් සහිතව සකස් කර තිබීම විශේෂත්වයකි.














