කඳාන පොලිස් වසමේ මොරාවත්ත ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී කාලයේ සිදු කළ විශේෂ වැටලීමකදී, බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටි විදේශීය මත්පැන් බෝතල් 137ක් සහ තීරුබදු රහිතව මෙරටට ගෙන එන ලද දුම්වැටි 64,800ක් (හැටහතරදහස් අටසියයක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබේ. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වන පේලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තීරුබදු පැහැර හරිමින් මෙරටට ගෙන එන ලද මෙම මත්පැන් සහ දුම්වැටි තොගය පිළිබඳව කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.













