වසර ගණනාවක් පුරා පැවති දැඩි දේශපාලන හා යුදමය නොසන්සුන්තාව නිමා කරමින් ඇමරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයකට එකඟතාව පළ වී තිබේ. ඒ අනුව හෙට (අප්‍රේල් 10) පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී දෙරටේ නියෝජිතයන් අතර සාම සාකච්ඡා ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය විසින් කරුණු 10කින් සමන්විත යෝජනාවලියක් පාකිස්තානය හරහා ඇමරිකාව වෙත ඉදිරිපත් කර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම යෝජනා පදනම් කර ගනිමින් සාකච්ඡා කිරීමට සිය කැමැත්ත පළ කර ඇත. ඉරාකය ලෙබනනය සහ යේමනය ඉලක්ක කරගත් ප්‍රහාර නැවැත්වීම හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ආරක්ෂාව සහ ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකා වනු ඇත.
















