යාළ රක්ෂිතයට අයත් තලාගුරුහෙළ කන්ද ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේන් දෙකක් වටලා විනාශ කිරීමට ලාහුගල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ (08) සමත්ව තිබේ. අක්කර 03ක පමණ භූමි ප්‍රමාණයක ඉතා සාරවත්ව වගා කර තිබූ ගංජා පැළ 160,000ක් (එක් ලක්ෂ හැට දහසක්) මෙහිදී සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ ගංජා පැළ තොගයෙන් නඩු භාණ්ඩ ලෙස සාම්පල් ලබා ගැනීමෙන් අනතුරුව, ඉතිරි පැළ තොගය එම ස්ථානයේදීම ගිනිතබා විනාශ කර තිබේ. රක්ෂිතයේ අතිශය දුෂ්කර ප්‍රදේශයක මෙම වගාව පවත්වාගෙන ගොස් ඇති අතර, මෙයට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.














