ඇමරිකානු හමුදාවේ විශේෂ ඒකකයකට අයත් රහසිගත තොරතුරු මාධ්‍යවේදියෙකු වෙත ලබා දීමේ චෝදනාව මත 40 හැවිරිදි හිටපු හමුදා නිලධාරිනියක වන කෝට්නි විලියම්ස්ට (Courtney Williams) එරෙහිව එරට අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. උතුරු කැරොලිනාහි ෆෝර්ට් බ්‍රැග් (Fort Bragg) හමුදා කඳවුරේ සිදුවූ බව කියන මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දූෂණ පිළිබඳ තොරතුරු ඇය මෙලෙස අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ට්‍රම්ප් පරිපාලනය විසින් රාජ්‍ය තොරතුරු මාධ්‍ය වෙත කාන්දු කරන්නන්ට එරෙහිව ගෙන යන දැඩි ක්‍රියාමාර්ග හමුවේ මෙම නඩුව පැවරීම විශේෂත්වයකි. අදාළ මාධ්‍යවේදියා විසින් ප්‍රකාශයට පත් කළ “The Fort Bragg Cartel” නැමති ග්‍රන්ථය සඳහා ඇය මෙම තොරතුරු ලබා දී ඇති අතර, මාධ්‍යවේදියා පවසන්නේ ඇය හමුදාවේ සිදුවන ලිංගික හිංසනයන් හෙළි කළ නිර්භීත තැනැත්තියක් බවයි. කෙසේ වෙතත්, ජාතික ආරක්ෂාවට අදාළ රහස් හෙළි කිරීම හරහා ඇය ඇමරිකානු ඔත්තු බැලීමේ පනත (Espionage Act) උල්ලංඝනය කර ඇති බවට රජයේ නීතිඥයන් චෝදනා කරයි.















