බැන්ක්ස්ටවුන් ප්‍රදේශයේදී පොලිස් භාරයේ සිටියදී පලාගිය 30 හැවිරිදි රැඳවියෙකු සොයා ඕස්ට්‍රේලියානු බලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. විලාවුඩ් (Villawood) ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයේ සිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ (අප්‍රේල් 08) බැන්ක්ස්ටවුන් රෝහලට රැගෙන ආ අවස්ථාවේදී මොහු පලාගොස් ඇත.
මයිකල් ඇන්ගෝක් (Michael Angok) නම් මෙම පුද්ගලයා උසින් සෙන්ටිමීටර 175-180ක් පමණ වන, කෙට්ටු සිරුරක් සහිත අප්‍රිකානු පෙනුමක් ඇති අයෙකි. ඔහු පලා යන අවස්ථාවේ කළු පැහැති හිස්වැසුම් සහිත ජම්පරයක් (hooded jumper) සහ අළු පැහැති ට්‍රැක්සූට් කලිසමකින් සැරසී සිට ඇත. පොලිස් නිලධාරීන්, පොලිස් සුනඛ ඒකකය සහ ගුවන් ඒකකයේ (PolAir) සහාය ඇතිව ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් සිදු කළ ද ඔහුව සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී තිබේ.
මොහු මීට පෙර බ්ලැක්ටවුන් (Blacktown) ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බැවින් පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් එම ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ ඇති බවට පොලිසිය සැක කරයි. මෙම පුද්ගලයා දුටුවහොත් ඔහු වෙත සමීප නොවන ලෙසත්, වහාම හදිසි ඇමතුම් අංක (000) හරහා දැනුම් දෙන ලෙසත් එරට ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














