අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය නගරයේ පිහිටි වෙළඳසැලක අද දහවල් හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න පිළිබඳ තොරතුරු ලැබුණු වහාම එය පාලනය කිරීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවන රථ 03ක් එම ස්ථානය වෙත පිටත් කර යවා ඇත. ගින්නෙන් සිදුවූ හානිය හෝ එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න තවදුරටත් පැතිර යාම වැළැක්වීමට පියවර ගනිමින් සිටී.














