ඇමරිකාවේ ටෙනසි හි ජැක්සන් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකදී සිදුවූ සන්නද්ධ මංකොල්ලයකදී 56 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ගුජරාටයේ මෙහ්සානා හි පදිංචිකරුවෙකු වන සුරේෂ් පර්සෝත්තම්දාස් පටෙල් නැමැත්තෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු මෑතකදී නව වෙළඳසැලක් විවෘත කර තිබූ අතර, අගෝස්තු 20 වන දින රාත්‍රියේ මුහුණු ආවරණයක් පැළඳ පැමිණි සන්නද්ධයෙකු මුදල් කොල්ලකා මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඔහුගේ 19 හැවිරිදි දියණිය ද ඔහු අසල සිට ඇති බව වාර්තා වේ.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අල්ලා ගැනීම සඳහා පොලිසිය විසින් මහජනතාවගේ සහය පතමින් සැකකරුගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදා හැර ඇත.















