මැදපෙරදිග කලාපයේ පමණක් නොව සමස්ත ලෝකයේම ආර්ථික මර්මස්ථානයක් බඳු හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානයේ නව උත්තරීතර නායකයා අද අතිශය තීරණාත්මක ප්‍රකාශයක් සිදු කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය මින් ඉදිරියට “නව කළමනාකාරීත්වයක්” යටතේ පවතින බව ඔහු නිල වශයෙන් ප්‍රකාශ කළ අතර, මෙම ප්‍රකාශය හරහා පවතින යුද වාතාවරණය තුළ උපායමාර්ගික ජයග්‍රහණය අත්කරගෙන ඇත්තේ කවුරුන්ද යන්න ලොවටම තහවුරු වී ඇති බව විදේශීය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලෝකයේ තෙල් ප්‍රවාහයෙන් විශාල ප්‍රමාණයක් සිදුවන මෙම මුහුදු සන්ධියේ පාලනය ඉරානය සතු වීම ගෝලීය බල තුලනය උඩුයටිකුරු කරන්නකි. හමුදාමය ජයග්‍රහණයකට වඩා මෙහි ඇති උපායමාර්ගික වැදගත්කම හරහා අමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ඉරානයට හැකියාව ලැබී තිබේ. විශේෂයෙන්ම අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සෞදිය යුද්ධයට හවුල් බව පැවසීම සහ ඉරාන විදේශ ඇමති ජේ.ඩී. වෑන්ස් හට ආර්ථික විනාශයක් ගැන අනතුරු ඇඟවීමෙන් පසු මෙම ප්‍රකාශය පැමිණීම විශේෂත්වයකි.
පකිස්ථානයේදී ලබන සෙනසුරාදා පැවැත්වෙන අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාවලට පෙර ඉරානය මෙලෙස සිය ස්ථාවරය ප්‍රදර්ශනය කිරීම, ඉදිරි සාකච්ඡාවලදී තමන්ට වැඩි වාසි ලබා ගැනීමට ගන්නා උත්සාහයක් ලෙස ද සැලකිය හැකිය. නයිජීරියාවේ ආරක්ෂාව බිඳවැටීම සහ වෙනිසියුලාවේ අභ්‍යන්තර අර්බුද මධ්‍යයේ, ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය “නව පාලනයක්” යටතට පත්වන බව පැවසීම ගෝලීය තෙල් මිල සහ ජාත්‍යන්තර වෙළඳාම කෙරෙහි සෘජු හා දැඩි බලපෑමක් එල්ල කරනු නිසැකය.
තොරතුරු උපුටා ගැනීම: Middle East Spectator ඇසුරින්













