සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කාණ්ඩ කිහිපයකට අදාළව පත්වීම්ලාභීන් 154 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අද (10) දින පැවැත්වීමට නියමිතව තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කෙරේ. අද පෙරවරු 11.00 ට කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ප්‍රදානය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පත්වීම්ලාභීන් අතර විකිරණ ශිල්පී උපාධිය සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීය උපාධිය හදාරා මාස හයක අනුස්ථාපන සහ සමායෝජන පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ විකිරණ ශිල්පීන් 69 දෙනෙකු සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් 10 දෙනෙකු සිටිති. මීට අමතරව, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ සෞඛ්‍ය රසායනාගාර සහායක හා කීටවිද්‍යා ක්ෂේත්‍රයේ උපස්ථායක තනතුරු සඳහා සීමිත පදනම මත බඳවා ගන්නා ලද කීටවිද්‍යා සහායකයින් 04 දෙනෙකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනෙකුට ද මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත.











