ඉන්දීය හමුදාව විසින් දියත් කරන ලද “ඔපරේෂන් සින්දූර්” මෙහෙයුම ඉතා නිරවද්‍ය ලෙස සැලසුම් කළ එකක් පමණක් නොව, මානුෂීය සහ ආගමික කරුණු ද සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කළ එකක් බව ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි ප්‍රකාශ කර තිබේ. බෙංගාලුරුහි පැවති ‘රන් සංවාද් 2026’ (Ran Samwad 2026) සමුළුව අමතමින් ඔහු සඳහන් කළේ, ත්‍රස්ත කඳවුරුවල සිටින පිරිස් ඔවුන්ගේ ආගමික වතාවත්වල (නමස්) නිරත වන වේලාවන්හිදී ප්‍රහාර එල්ල කිරීමෙන් සිය හමුදාව හිතාමතාම වැළකී සිටි බවයි.
මෙහෙයුම ඕනෑම වේලාවක ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ නම්‍යශීලීභාවය හමුදාව සතු වූ බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, ත්‍රස්ත කඳවුරුවල සිටින පිරිස් යාඥා කරන වේලාවන්හිදී ප්‍රහාර එල්ල නොකිරීමට හමුදාව දැනුවත්වම තීරණය කර තිබේ.
“සැමට සිටින්නේ එකම දෙවියන්” (sabka malik ek hai) යන දර්ශනය පෙරදැරි කරගනිමින්, ආගමික වතාවත් සිදු නොවන වේලාවක් ප්‍රහාරය සඳහා තෝරාගත් බව ඔහු සඳහන් කළේය. මෙවැනි තීරණයක් හරහා ඉන්දීය සන්නද්ධ හමුදාවන් සතු වෘත්තීයභාවය සහ මානුෂීය වටිනාකම් මැනවින් පිළිඹිබු වන බව ඔහු අවධාරණය කළේය.
මෙම ප්‍රකාශය හරහා හෙළි වන්නේ ඉන්දීය හමුදාව සිය සතුරන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන අතරතුර පවා, ආගමික විශ්වාසයන් කෙරෙහි දක්වන ගෞරවයයි. ඔපරේෂන් සින්දූර් යනු ත්‍රස්තවාදී මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෑතකදී දියත් කරන ලද ඉතා සාර්ථක යුද මෙහෙයුමකි.














