පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමේ සහ කාලෝචිත ප්රතිකාර ලබාගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අද (ඔක්තෝබර් 25) පැවැත්වෙන පාකිස්තාන–එංගලන්ත එක්දින ක්රිකට් තරගය රෝස පැහැයෙන් හැඩගැන්වීමට පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලය (PCB) කටයුතු කර තිබේ.
ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය, පාකිස්තානය, එංගලන්තය සහ ශ්රී ලංකාව සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියේ සිව්වැනි තරගයයි. ඔක්තෝබර් මාසයේ ක්රියාත්මක වන ‘Pinktober’ පියයුරු පිළිකා දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම විශේෂයෙන් නිර්මාණය කළ රෝස පැහැති ක්රීඩා ඇඳුම්වලින් තරගයට එක්වන අතර, එංගලන්ත ක්රීඩකයන්, තරග නිලධාරීන් සහ විස්තර විචාරකයන් ද රෝස පැහැති රිබන් පැළඳීමට ආරාධනා කර තිබේ.
එමෙන්ම තරගයේදී රෝස පැහැයෙන් සකස් කළ කඩුලු භාවිත කිරීමටත්, ක්රීඩාංගණයේ විශාල තිර සහ LED පුවරු ඔස්සේ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ පණිවිඩ ප්රදර්ශනය කිරීමටත් සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන හරහා පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම, නියමිත පරීක්ෂණවලට යොමුවීම සහ කාලෝචිත වෛද්ය ප්රතිකාර ලබාගැනීමේ වැදගත්කම ජනතාව අතර ප්රචලිත කිරීම PCB හි අරමුණයි.













