2009 වසරේ සිට මෙරටට ගල් අඟුරු ආනයනය කළ ක්‍රමවේද සහ ඒ ආශ්‍රිත ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (අප්‍රේල් 10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව අනාවරණය කළේය.
මෙම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා දැනට සේවයේ නිරතව සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. පසුගිය කාලසීමාව පුරා ගල් අඟුරු ගනුදෙනුවලදී විවිධ අක්‍රමිකතා සහ දූෂණ සිදුව ඇති බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින්, විනිවිදභාවයකින් යුත් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම රජයේ අරමුණ වී තිබේ. මෙම පරීක්ෂණ වාර්තාව හරහා අදාළ කාල සීමාව තුළ සිදුවූ මූල්‍ය අලාභයන් සහ ඊට වගකිවයුතු පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














