යුද්ධ හමුදා බුද්ධි අංශයේ සහාය ඇතිව මොණරාගල කොට්ඨාස විෂ මත්ද්රව්ය ඒකකයේ නිලධාරීන් විසින් ඌව කුඩාඔය ප්රදේශයේ සිදුකළ වැටලීමකදී වියළි ගංජා කිලෝග්රෑම් 2.5ක් සහ ගංජා ඇට කිලෝග්රෑම් 1ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 21 වැනිදා යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බව සඳහන් වේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කුඩාඔය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, ඔවුන් අද (22) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














