අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිර දඬුවම් නියම වීමෙන් පසු පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.
පූජ්ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ.














