එළැඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ඒකාබද්ධ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ මඟින් උත්සව සමය තුළ ජනතාවට සුරක්‍ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමට අපේක්ෂිතය.
ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම යාන්ත්‍රණය යටතේ දිවයින පුරා පැවැත්වෙන අවුරුදු උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන්වල ආරක්‍ෂාව දැඩිව අධීක්‍ෂණය කෙරේ. මේ සඳහා කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ද ස්ථාපිත කර ඇත.
පහත සඳහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ඕනෑම හදිසි අවස්ථාවකදී මෙම මෙහෙයුම් මැදිරිය සම්බන්ධ කර ගත හැකිය:
දුරකථන අංක: 011-2013051 / 011-2027148 / 011-2027149 / 011-2430912
විද්‍යුත් තැපෑල: [email protected]














