උතුරු අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ආපදාවට ලක් වූ “GOLD AUTUMN” නම් වෙළඳ නෞකාවෙන් නිකුත් කළ හදිසි ආපදා සංඥාවකට (Distress Call) වහාම ප්‍රතිචාර දැක්වූ පාකිස්ථාන නාවික හමුදාව, එහි සිටි නාවිකයින් 18 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට අද (අප්‍රේල් 10) සමත් විය.
බේරාගත් නාවික පිරිස විවිධ ජාතීන්ට අයත් පිරිසක් වන අතර, ඔවුන් අතර චීනය, බංග්ලාදේශය, මියන්මාරය, වියට්නාමය සහ ඉන්දුනීසියාව යන රටවල වැසියන් සිටින බව පාකිස්ථාන හමුදාව තහවුරු කර තිබේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වුවද පාකිස්ථාන නාවික හමුදා යාත්‍රා සහ හෙලිකොප්ටර් යානා යොදවා මෙම මෙහෙයුම සාර්ථකව නිම කර ඇත.
මුදාගත් නාවික පිරිස අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා සහ ඔවුන්ගේ මව් රටවල් බලා යළි පිටත් කර හැරීමේ (Repatriation) කටයුතු සඳහා කරච්චි වරාය වෙත රැගෙන ගොස් තිබේ. අරාබි මුහුදේ ආරක්ෂාව සහ නාවික සහයෝගීතාව සම්බන්ධයෙන් පාකිස්ථානය දක්වන දායකත්වය ජාත්‍යන්තර මාධ්‍යවල ඇගයීමට ලක්ව ඇත.














