ට්‍රයිඩන්ට් සමාගම මගින් මෙරටට ගල්අඟුරු ගෙන්වූ මුල් අවධියේ සිටම, එම සාම්පල පරීක්ෂා කළ පැටවුම් වරායේ පරීක්ෂණාගාරයට නිසි ප්‍රතීතනතාවයක් (Accreditation) නොතිබුණු බව ලංකා ගල්අඟුරු සමාගම දැන සිටි බව එම සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා කෝප් (COPE) කමිටුව හමුවේ අද (අප්‍රේල් 10) පිළිගත්තේය.
ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා අද දින කමිටුව හමුවේ පෙනී නොසිටි අතර, ඔහු සිතාමතාම කමිටුව මඟහැර ඇති බවට එහිදී දැඩි චෝදනා එල්ල විය. මීට අමතරව, විමර්ශන පවත්වන අතරතුර කෝප් කමිටු සභාපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් සහ චෝදනා එල්ල වීම නිසා කමිටු පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.
ගල්අඟුරු ගනුදෙනුවේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සහ පරීක්ෂණාගාර වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳව කෝප් කමිටුව ඉදිරියේදී වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.














