• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි පාරිභෝගිකයාට උපරිම වාසි සැලසෙන නව වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය

11 April 2026
in දේශීය, පුවත්
විදුලි පාරිභෝගිකයාට  උපරිම වාසි සැලසෙන  නව වැඩපිළිවෙලක් කෙරෙහි  අවධානය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමත් සමඟ විදුලි පාරිභෝගිකයන්ට උපරිම වාසි සැලසෙන පරිදි තරගකාරී වෙළඳපොලක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් 09 වන දින රැස්වූ මෙම කාරක සභාවේදී විදුලිබල මණ්ඩලය අහෝසි වීමෙන් පසු පිහිටුවා ඇති නව අනුප්‍රාප්තික සමාගම් හයේ ව්‍යුහයන් සහ ඉදිරි කාර්යයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
මෙම නව ව්‍යුහය යටතේ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් කටයුතු සඳහා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර්, නැෂනල් සිස්ටම් ඔපරේටර් (NSO) සහ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා වැනි සමාගම් පිහිටුවා ඇත. මින් පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ 23,000ක පමණ සේවක පිරිසෙන් 2,000ක් පමණ ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ ඉවත්ව ඇති අතර, ඉතිරි 21,000කට ආසන්න පිරිස මෙම නව සමාගම්වල සේවයේ පිහිටුවා ඇති බව නිලධාරීන් මෙහිදී අනාවරණය කළහ.
විදුලිබල ක්ෂේත්‍රයේ පවතින දූෂණ හා නාස්තිය අවම කරමින් විනිවිදභාවයකින් යුතුව විදුලිය මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ ක්‍රියාත්මක වන “Energy Exchange” වැනි ක්‍රමවේදයක් මෙරට ද ස්ථාපිත කිරීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී පද්ධති ස්ථායිතාවය පවත්වා ගනිමින් තරගකාරී වෙළඳපොලක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි. එසේම වර්තමානය වන විට මෙරට මුළු විදුලි පද්ධතියෙන් 22%-25%ක ප්‍රමාණයක් සූර්ය විදුලියෙන් ලබා ගන්නා බවත්, ඉදිරියේදී බැටරි පද්ධති භාවිතය හරහා එම ප්‍රතිශතය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. අවසානයේදී මෙම නව සමාගම්වල වත්කම්, දේපල සහ සේවක සංඛ්‍යාව ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදී.
Post Views: 3
Previous Post

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් අනාවරණය වෙයි

Next Post

අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට දිවයින පුරා දැවැන්ත පොලිස් මෙහෙයුමක්

Editor TTV News

Editor TTV News

Next Post
අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට  දිවයින පුරා දැවැන්ත  පොලිස් මෙහෙයුමක්

අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට දිවයින පුරා දැවැන්ත පොලිස් මෙහෙයුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබට් මැකින්ටයර්   මාස්ටර්ස් බලධාරීන්ගේ  දැඩි දෝෂදර්ශනයට ලක්වෙයි

රොබට් මැකින්ටයර් මාස්ටර්ස් බලධාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙයි

11 April 2026
රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ  පසුබෑම තවදුරටත් ස්පාඤ්ඤ ලා ලිගා ශූරතා  සිහිනය අවදානමක

රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ පසුබෑම තවදුරටත් ස්පාඤ්ඤ ලා ලිගා ශූරතා සිහිනය අවදානමක

11 April 2026
කාන්තා සික්ස් නේෂන්ස්  රග්බි ඉතිහාසයේ දැවැන්තම  පෙරළියට සැරසෙයි

කාන්තා සික්ස් නේෂන්ස් රග්බි ඉතිහාසයේ දැවැන්තම පෙරළියට සැරසෙයි

11 April 2026
අසනීප තත්ත්වය නොතකා  ලී හඔටොන්ග්  මාස්ටර්ස් තරගාවලියේ පෙරමුණට

අසනීප තත්ත්වය නොතකා ලී හඔටොන්ග් මාස්ටර්ස් තරගාවලියේ පෙරමුණට

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
හැරී කුමරුට එරෙහිව  ඔහු විසින්ම ආරම්භ කළ  සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන්  නඩු පවරයි

හැරී කුමරුට එරෙහිව ඔහු විසින්ම ආරම්භ කළ සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන් නඩු පවරයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved