සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගෙන් කොළඹ කොටුව සහ ඒ අවට ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන අද (11) අලුයම සිටම පිරී පවතින බව වාර්තා වේ. අධිවේගී මාර්ග හරහා ගමන් කිරීම සඳහා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට විශාල පිරිසක් එක්රොක් වී සිටින අතර, පිටකොටුව බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පළවලට ද ඊයේ රාත්‍රියේ සිටම ජනතාව විශාල වශයෙන් පැමිණ සිටිති. උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සහ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කර ඇති අතර, “දිට්වා” සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය හැර සෙසු සියලු මාර්ග ඔස්සේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.














