ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා සඳහා පාකිස්තානය සත්කාරකත්වය සැපයීමට සූදානම් වන පසුබිමක, ඉරාන ජනතාව අන්තර්ජාල සබඳතා නොමැතිව ගත කරන කාලය පැය 1,000 ඉක්මවා ගොස් තිබේ. පෙබරවාරි අග භාගයේදී යුද්ධය ආරම්භ වූ දින සිට එරට බොහෝ ප්‍රදේශ ලෝක ව්‍යාප්ත ජාලයෙන් හුදකලා වී ඇති බව වාර්තා වේ. දැනට අන්තර්ජාලය භාවිතා කිරීමේ හැකියාව පවතින්නේ ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට හැකි පිරිසකට පමණක් බවත්, සාමාන්‍ය ජනතාවට බාහිර ලෝකය සමඟ සබඳතා පැවැත්වීම ඉතා දුෂ්කර වී ඇති බවත් බී.බී.සී. පුවත් සේවය සඳහන් කරයි.














